රන් පිට රන් දිනන යක්ක පුත්තු

දකුණු ආසියානු ජ්‍යේෂ්ඨ මලල ක්‍රීඩා තරඟාවලියේ තවත් රන් පදක්කම් දෙකක් හිමි කර ගැනීමට ශ්‍රී ලංකාව සමත් වුණා.

හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් රන් පදක්කම හිමි කර ගත්තේ රුමේෂ් තරංග විසින්.

ඔහු 84.29ක දක්ෂතාවක් ප්‍රදර්ශනය කළා.

එහි රිදී පදක්කම සුමේද රණසිංහ දිනාගත්තේ මීටර 81.62ක දක්ෂතාවක් දක්වමින්.

මීටර් 400 කඩුලු මතින් දිවීමේ කාන්තා ඉසව්වේ රන් සහ රිදී පදක්කම් ද්විත්වයම ශ්‍රී ලංකාව සතු වුණා.

දසුනි ආරච්චිගේ රන් පදක්කම හිමි කර ගත්තේ තත්පර 58.66 කින් තරඟය නිමා කරමින්.

අරලියා ගීගනගේට රිදී පදක්කම හිමි වුණා.