හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට අදාල විමර්ශනය කඩිනමින් අවසන් කර ඊට සම්බන්ධ සැකකරුවන් සිටි නම් අධිකරණයට ඉදිරිපත් කළ ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් ඉසුරු නෙත්ති කුමාර මහතා අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළා.
ඉකුත් දිනයේ අධිකරණය ආශ්‍රිතව සිදුවූ සිදුවීම්වලින් අධිකරණයට අපහාසයක් සිදු වී තිබේදැයි විමර්ශන සිදුකර ඊට වග කිව යුතු පුද්ගලයින් කවුරුන්ද ,ඔවුන් සම්බන්ධයෙන් ගනු ලබන ක්‍රියාමාර්ග කවරේද යන්න පිළිබඳව මීළඟ නඩු දිනයේ අධිකරණයට දැනුම් දෙන ලෙසත් මහේස්ත්‍රාත්වරයා නියම කළා.
ඉන් අනතුරුව නඩුව ජනවාරි මස 28 වනදා කැඳවීමට ද නියම වුණා.
