රයිස්, කොත්තු, කෙටි ආහාරවල මිල ඉහළට

අද (31) මධ්‍යම රාත්‍රියේ සිට රයිස් සහ කොත්තු මිල රු 30කින් ඉහළ දමා ඇති බව ආපනශාලා හිමියන්ගේ සංගමය පවසනවා.

කෙටි කෑම මිලද රුපියල් 10කින් ඉහළ නංවා ඇති බවයි එම සංගමයේ සභාපති, හර්ෂණ රුක්ෂාන් මහතා පවසා සිටියේ.

මේ අතර ප්ලේන්ටියක් සහ කිරි තේ එකක මිල ද රුපියල් 5කින් ඉහළ දමා ඇත.

අප්‍රේල් මස 01 වෙනිදා සිට විදුලි බිල ඉහළ යෑම හේතුවෙන් මෙලෙස ආහාර ද්‍රව්‍ය මිල ගණන් ඉහළ දැමීමට සිදුවන බවද ආපනශාලා හිමියන්ගේ සංගමය පෙන්වා දෙනවා.