රාගම, කඳාන සහ වත්තල යන ප්‍රදේශවල ඊයේ රාත්‍රී සිදු කෙරුණු විශේෂ සෝදිසි මෙහෙයුමකදී විවිධ චෝදනා මත සැකපිට පුද්ගලයින් කිහිපදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙහෙයුම සිදු කෙරුණේ, ත්‍රිවිධ හමුදාව විශේෂ කාර් ය බලකාය එක්වයි. අප වාර්තාකරු සඳහන් කළේ, රාගම, කඳාන සහ වත්තල යන ප්‍රදේශයන්හි රථ වාහන සහ පුද්ගලයින් පරීක්ෂාවට ලක් කරමින් මෙම විශේෂ මෙහෙයුම සිදු කෙරුණු බවයි. පොලිස් විශේෂ කාර්ය බලකායේ සහ ත්‍රිවිධ හමුදාවේ භටයින් 300 කට අධික පිරිසක් මීට යොදවා තිබුණා. පසුගියදා රාගම සහ කදාන ප්‍රදේශවලින් වෙඩි තැබීමේ සිද්ධීන් වාර්තා වූ අතර, එහිදී පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත් වුණා. පොලිසිය සඳහන් කළේ, මේ හේතුවෙන් හදිසි පරීක්ෂා කිරීම් ඇතුළු සෝදිසි මෙහෙයුමක් ක්‍රියාත්මක කිරීමට පියවර ගත් බවයි.
