
නීතිමය ක්‍රියා පටිපාටියට පටහැණි ලෙස කිරින්ද ධීවර වරායේ වැලි කැණීම් ව්‍යාපෘතියක් කොරියානු සමාගමකට පැවරීම තුළින් රජයට රුපියල් ලක්ෂ 262කට අධික පාඩුවක් සිදු කළා යැයි කියන සිද්ධියේ සැකකරුවකු ලෙස නම් කර ඇති හිටපු ධීවර ඇමැති වෛද්‍ය රාජිත සේනාරත්න මහතා තවමත් දුරකතනයද විසන්ධි කරමින් නිවෙසද අතහැර ගොස් ඇතැයි අල්ලස් කොමිසමේ ප්‍රකාශකයකු පැවසීය.
ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා කිහිප වරක් උත්සාහ කළ බවත් තවමත් ඔහු අතුරුදන් බවද එම ප්‍රකාශකයා කීවේය.
වෛද්‍ය රාජිත සේනාරත්න මහතා එම සිද්ධිය සම්බන්ධයෙන් මහාධිකරණය හමුවේ අපේක්ෂිත ඇප ඉල්ලීමක් සිදු කර ඇති බවට නීතිඥවරයෙක් මාර්ගයෙන් කොමිසම දැනුවත් කර ඇතැයිද හෙතෙම කියා සිටියේය.
අදාළ සිද්ධිය සම්බන්ධයෙන් අල්ලස් කොමිසම වෙත පැමිණ ප්‍රකාශයක් ලබා දෙන බව දැනුම් දුන්නද හිටපු ඇමැතිවරයා එහි නොපැමිණීම හේතුවෙන් අත්අඩංගුවට ගැනීමට තීරණය කළ බවද හෙතෙම කියා සිටියේය.
ඔහු අත්අඩංගුවට ගැනීමට කණ්ඩායම් කිහිපයක් වෙන් වෙන් වශයෙන් යොදා ඇති බවත් හෙතෙම සඳහන් කළේය.
මෙම විමර්ශනයට අදාළව ප්‍රකාශයක් ලබා දෙන ලෙස අවස්ථා කිහිපයකදීම ඔහුට දැනුම්දීම් කර තිබුණත් ඔහු විවිධ අසත්‍යය කරුණු ඉදිරිපත් කරමින් දිගින් දිගටම එම ප්‍රකාශ ලබාදීම මඟහරිමින් සිටින බවද කොමිසම කියා සිටියේය.
රාජිත සේනාරත්න මහතා අසනීප තත්ත්වයෙන් පෙළෙන බවට සඳහන් වෛද්‍ය වාර්තාවක් නීතිඥවරයකු මාර්ගයෙන් අල්ලස් කොමිසම වෙත ඉදිරිපත් කර ඇති අතර එහි කිසිදු නීතිමය පිළිගැනීමක් දක්නට නොලැබෙන බවත් හෙතෙම කියා සිටියේය.
මෙම සිද්ධයට අනුව අල්ලස් කොමිසම විසින් දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් තමන්ව අත්අඩංගුවට ගැනීමට පෙර අපේක්ෂිත ඇපයක් මත මුදාහරින ලෙස ඉල්ලා තමන් ඉදිරිපත් කළ අපේක්ෂිත ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය දුන් තීන්දුව ප්‍රතිශෝධනය කර තමන්ව අපේක්ෂිත ඇප මත මුදාහරින ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න විසින් ඉදිරිපත් කළ පෙත්සම සලකා බැලීම සඳහා ලබන සැප්තැම්බර් මස 01 වැනිදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියම කර ඇත.