රාජිත රිමාන්ඩ්

අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබූ වෙනත් නඩුවක් සඳහා ‍අද කොළඹ මහාධිකරණය හමුවේ පෙනී සිටි හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා රක්ෂිත බන්ධනාගාර ගතකර තැබීමට නියෝග කළ කොළඹ මහාධිකරණ විනිසුරු ලංකා ජයරත්න මෙනවිය හිටපු අමාත්‍යවරයා අද දින කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියම කළා.

මහාධිකරණ විනිසුරුවරිය දැනුම් දී ඇත්තේ, කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන තෙක් හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා රිමාන්ඩ් බාරයේ තබා ග න්නා ලෙසයි.