රිලවුන්ට කෑම දී දඬකයි

රිලවුගෙන් විශාල හානියක් සිදුවන කාලයක ඇල්ල වැල්ලවාය මාර්ගයේ රාවණාඇල්ල වනජීවි කලාපය තුල සතුන්ට කෑම දීම තහනම් ලෙස භාෂා තුනෙම්ම සදහන් පුවරු සවිකර තිබුනත් එම පුවරු අසල සිටම රිලවුන්ට ආහාර ලබා දුන් සංචාරක මගපෙන්න්ට දඩ නියම කිරීමට රාවණාඇල්ල වනජීවි නිළධාරින් කටයුතු කර තිබේ .

මෙසේ කෑම ලබාදීම නිසා මාර්ගය අවහිර ⁣වන ලෙස මාර්ගයට රිලවුන් පැමිණෙන බවත් ,ආහාර වැඩි වීමත් සමග රිලවුගෙ ප්‍රජනනය වැඩිවෙන බවත් වනජීවී නිළධාරින් බව පසනවා.

එසේම සතුන්ට කෘතිම ලෙස ආහාර ලබා දීම මගින් ඔහුන් කෑම සොයා ගැනීමට මහන්සි නොවී ඒ වෙනුවට වගාවන් වලට පැන ආහාර ගැනීමට පුරුදු වීම වැලැක්වීම සදහා මෙසේ දඩ නියම කල බව ද පවසනවා.