රුමේෂ් ශක්තිමත් කිරීමට ක්‍රීඩා අමාත්‍යංශයත් එක්වෙයි

ඉදිරියේදී පැවැත්වීමට නියමිත ලෝක ශූරතා හෙල්ල විසි කිරීමේ තරගාවලිය සහ 2028 වර්ෂයේදී පැවැත්වීමට නියමිත olympic තරඟාවලියට ඉදිරිපත් වීමට සිටින රුමේෂ් තරංග ක්‍රීඩකයාට අවශ්‍ය සියලු පහසුකම් සැපයීමට තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යංශය මැදිහත්ව සිදුකන බව ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා පවසනවා.

ඉන්දීය විවෘත මලල ක්‍රීඩා තරගාවලියේ පිරිමි හෙල්ල විසිකිරීමේ ඉසව්වේ දී නව ජාතික වාර්තාවක් පිහිටුවීමට සමත් වූ, රුමේෂ් තරංග හමුවූ හමුවූ අවස්ථාවේදී ඔහු මේ බව ප්‍රකාශ කළා.

හමුව සිදුවුණේ අද ( 14) තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යංශයේ දී.

ඉදිරියේදී විදෙස් පුහුණුකරුවන්ගේ දැනුම රැගෙන මෙරට පුහුණුකරුවන් දැනුවත් කිරීම, ආසියාතික තරඟ, පොදු රාජ්‍ය මණ්ඩලීය තරග, olympic ආදී තරඟ සඳහා සහභාගී වීමට එම නව තාක්ෂණික ක්‍රමවේදවල අද්දැකීම ලබා තිබීම අනාගත ජයග්‍රහණ වෙනුවෙන් ආයෝජනයක් වන බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කළා.