රුසියානු – යුක්‍රේන යුද්ධය තවදුරටත් තීව්‍ර වෙයි

රුසියාව යුක්‍රේනය වෙත ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාර තවදුරටත් තීව්‍ර කොට තිබෙනවා.

යුක්‍රේන සන්නද්ධ හමුදා ප්‍රධානියා ප්‍රකාශ කර ඇත්තේ පොක්‍රොව්ස්ක් නගරය වටා රුසියානු ප්‍රහාර වැඩිවෙමින් පවතින බවයි.

රුසියානු ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාර හමුවේ පුද්ගලයින් හත් දෙනෙකු මියගොස් තිබෙනවා.

මියගිය පිරිස අතර කුඩා දැරියකද සිටින බවයි වාර්තා වන්නේ.

යුක්‍රේන ආරක්ෂක අංශ සඳහන් කරන්නේ, ඉදිරියේ දී ශීත සමය ළඟා වීමත් සමග යුක්‍රේන බලශක්ති සැපයුම් අඩාල කර ජනතාව ඝානතය කිරීම රුසියාවේ ඉලක්කය වී ඇති බවයි.

එම තත්වය මැඩපැවැත්වීමට ගුවන් ආරක්ෂක පද්ධති දැඩි කිරීමටත්, නව සම්බාධක පැනවීම ඇතුළු රුසියාවට එරෙහිව දැඩි තීරණ ගැනීමට සිදු වන බවයි, යුක්‍රේනය ප්‍රකාශ කර සිටින්නේ.

යුක්‍රේනයේ කාර්මික නගර වන සර්පෝෂියා සහ ඩිලිප්‍රෝ කලාප ඉලක්ක කර ගනිමින්, ප්‍රහාර එල්ල වී තිබෙනවා.

ඉකුත් පැය කිහිපය තුළ ඩ්‍රෝන යානා දහයකට අධික සංඛ්‍යාවක් එල්ල කර ඇති බවයි වාර්තා වන්නේ.

මහල් නිවාස කිහිපයක් ගිනි ගෙන විනාශ වීම හේතුවෙන් ජනතාව දැඩි ලෙස පීඩාවට පත්ව සිටිනවා.