රුසියාවට සුනාමියක්

රුසියාවේ කම්චැට්කා අර්ධද්වීපයේ රික්ටර් පරිමානයේ 8.8 ක ප්‍රබල භූ කම්පනයක් හටගෙන තිබෙනවා. ඇතැම් ප්‍රදේශවල අඩි 13 ක් පමණ තරම් උසට රළ ඇතිවූ බවයි වාර්තා වන්නේ.

භු කම්පනයේ කේන්ද්‍රස්ථානය වී ඇත්තේ රුසියාවේ පෙරදිග පෙට්‍රොපව්ලොව්ස්ක්-කම්චැට්ස්කි නගරයේ සිට කිලෝමීටර් 136 ක් නැගෙනහිරින් බව අමෙරිකාවේ භූ විද්‍යා සමීක්ෂණ ආයතනය පවසනවා.

කම්චැට්කා ආණ්ඩුකාර ව්ලැඩිමීර් සොලොඩොව් පවසන්නේ භූ කම්පනයෙන් පෙර පාසලකට හානි සිදුව ඇති බවයි.

අඩියක තරම් පළමු සුනාමි රළ උතුරු ජපානයේ හොකයිඩෝ ප්‍රාන්තයේ හනසාකි වරායට ගොඩගසා තිබෙනවා.

ඇමරිකා එක්සත් ජනපදය සුනාමි අනතුරු ඇඟවීම් නිකුත් කළ බවටයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

ඇලස්කාව, හවායි, ගුවාම් දූපත් සඳහා ද එක්සත් ජනපද බලධාරීන් සුනාමි අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.

හවායි වෙත ද මීටර් තුනක පමණ සුනාමි රළ ඇති විය හැකි බවට අනතුරු අඟවා ඇති බවයි වාර්තා වන්නේ.

ජපානනයේ නැගෙනහිර වෙරළ තීරයේ බොහෝ ප්‍රදේශවලට මීටර තුනක තරම් උස සුනාමි රැළ පැමිණිය හැකි බවට එරට කාලගුණ විද්‍යා ඒජන්සිය අනතුරු ඇඟවනවා.

එම ප්‍රදේශවලින් ඉවත් වන ලෙස ජපාන අගමැති ෂිගේරු ඉෂිබා ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ද සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් තබමින් ඇමෙරිකානු ජනතාවගෙන් ඉල්ලා ඇත්තේ, ආරක්ෂිතව හා අවධානයෙන් සිටින ලෙසයි.