රුසියාවේ පැසිෆික් වෙරළ තීරයට ඔබ්බෙන් අද ප්‍රබල භූ කම්පන 3 ක් වාර්තා වුණා.
ඒ සමග රුසියාවට සහ අමෙරිකාවේ හවායි ප්‍රාන්තයට සුනාමි අනතුරු ඇඟවීම් නිකුත් කෙරුණ ද පසුව ඒවා ඉවත් කිරීමට බලධාරීන් විසින් පියවර ගෙන තිබුණා.
රුසියාවේ “කම්චැට්කා” කලාපයේ පැසිෆික් වෙරළට ඔබ්බෙන් රිච්ටර් මාපක 7 යි දශම 4 ක ප්‍රබලත්වයකින් යුත් භූ කම්පනයක් පළමුවෙන් වාර්තා වී තිබෙනවා.
අමෙරිකානු භූ විද්‍යා සමීක්‍ෂණ ආයතනය පවසන්නේ, ඉන් පසුව රිච්ටර් මාපක 6 යි දශම 7 ක සහ රිච්ටර් මාපක 5 ක ප්‍රබලත්වයකින් යුත් තවත් භූ කම්පන 2 ක් ද වාර්තා වූ බවයි.
අද සිදු වූ භූ කම්පන මාලාවේ අපකේන්ද්‍රය “කම්චැට්කා” කලාපයේ පිහිටි “පෙට්‍රොපව්ලොව්ස්ක් – කම්චැට්ස්කි” නගරයේ සිට කිලෝ මීටර 140 ක පමණ නැගෙනහිර දෙසින් පිහිටා තිබූ බව සඳහන්.
ප්‍රධාන භූ කම්පන වාර්තා වීමෙන් අනතුරුව පසු කම්පන 3 ක් ද හටගැනුණා.
ඉන් එක් පසු කම්පනයක්, රිච්ටර් මාපක 6 යි දශම 6 ක ප්‍රබලත්වයකින් යුක්ත වූ බවයි වාර්තා වන්නේ.
ඒ හේතුවෙන් රුසියාවට සහ අමෙරිකාවේ හවායි ප්‍රාන්තය සඳහා සුනාමි අනතුරු ඇඟවීම් ද නිකුත් කෙරුණා.
පසුව එම අනතුරු ඇඟවීම් අවලංගු කෙරුණු බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරනවා.
