රෙස්ලින් ක්‍රීඩාවේ පුරාවෘත්තය ක්‍රීඩා දිවියෙන් සමුගනියි

රෙස්ලින් ක්‍රීඩාවේ පුරාවෘත්තයක් ලෙස සැලකෙන අමෙරිකානු රෙස්ලිං ක්‍රීඩක ජෝන් සීනා ඊයේ සිය වෘත්තිය ක්‍රීඩා දිවියෙන් සමුගත්තා.

ඔහු අවසන් වෘත්තිය තරගය ලෙස ක්‍රීඩා කළේ, ඔස්ට්‍රේලියානු රෙස්ලිං ක්‍රීඩක ගන්තර් සමගයි.

දශක දෙකකට අධික කාලයක් රෙස්ලිං ක්‍රීඩා පිටිය වර්ණවත් කළ ජෝන් සීනා සහභාගී වූ අවසන් තරගය, සැටඩේ නයිට් ඉවෙන්ට් ලෙස නම් කර තිබුණා.

අමෙරිකාවේ වොෂිංටන් ඩී සී හි පැවති තරගය නැරඹීමට විශාල ප්‍රේක්ෂක පිරිසක් පැමිණ සිටියා.

ලොව බිහි වූ ‍විශිෂ්ටතම රෙස්ලිං ක්‍රීඩකයෙකු ලෙස සැලකෙන ජෝන් සීනා, වෘත්තීය රෙස්ලිං පිටියට පිවිසුණේ, 2001 වස‍රේදී.

ඔහු අවස්ථා 17 කදී ලෝක ශූරතාව හිමි කර ගෙන තිබෙනවා. රෙස්ලිං ක්‍රීඩාවෙන් මෙතෙක් වැඩිම ලෝක ශූරතා සංඛ්‍යාවක් හිමි කර ගත් ක්‍රීඩකයා වන්නේ ද ඔහුයි.