වයස අවුරුදු 22 න් පහළ යොවුන් බොක්සිං තරගාවලියේ අද පැවති මූලික වටයේ තරගවලින් ශ්රී ලංකා ක්රීඩකයින් දෙදෙනෙකු ජය වාර්තා කළා.
තරගාවලිය පැවැත්වෙන්නේ, කොළඹ සුගතදාස ගෘහස්ථ ක්රීඩාංගණයේදී.
කිලෝග්රෑම් 48 බර පන්තිය යටතේ ශ්රී ලංකාව නියෝජනය කළේ, සත්සර වර්ණකුලසූරිය.
ඔහුගේ ප්රතිවාදී ක්රීඩකයා ලෙස කිරිගිස්තානයේ ඇනර්ලි අනර්බකේව් තරග වැදුණා.
එහිදී, ලකුණු 5ට බින්දුවක් ලෙස ජය වාර්තා කිරීමට සත්සර වර්ණකුලසූරිය සමත් වුණා.
ශ්රී ලංකාව වෙනුවෙන් මෙවර තරගාවලියේදී, පළමුවෙන් තරග බිමට පිවිසියේ ද ඔහු වීම විශේෂත්වයක්.
