ලක්ෂ ගණනක මෝටර් සොරකම්කළ අයෙක් අත්අඩංගුවට

ලක්ෂ ගණනාවක් වටිනා ජල මෝටර් තොගයක් සොරකම් කළ පුද්ගලයෙකු සොරකම් කරන ලද ජල මෝටර්වලින් කොටසක් සමඟ පුත්තලම පොලිසිය විසින් අතුඅඩංගුවට ගෙන තිබෙනවා.

ඉස්සන් වගාවන් සඳහා භාවිතා කරන ජල මෝටර් තොගයක් ඒවා අලෙවි කරන අලෙවිසැළකින් සොරකම් කළ බවට මීට මාස එකහමාරකට පමණ පෙර පොලිසියට ලද තොරතුරක් මසත විමර්ශන ආරම්භ කර ඇත.

මෙම මෝටර් තොගය අලෙවිසැළක තබා විකිණීමට යාමේදී එක් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත.

චීනයෙන් ආනයනය කරන ලද මෙම මෝටර්වල නාම සලකුණු (ස්ටිකර්) වෙනස් කර වෙනත් ස්ටිකර් අලවා තවත් වෙලඳසැළක තබා ඉතා අඩු මුදලකට අලෙවි කර ඇති බවයි පොලිසිය සිදුකළ විමර්ශනවලදී අනවරණය වී ඇත්තේ.

සොරකම් කරන ලද ලක්ෂ 28ක් පමණ වටිනා ජල මෝටර් 28න් 11ක් මෙම වැටලීමේදී පොලිසියට සොයා ගැනීමට හැකි වී තිබෙනවා.