ලක්ෂ 20ක අයිස්ව ටලයි

රුපියල් ලක්ෂ විස්සකට ආසන්න වටිනා අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සමග කාන්තාවක් අත්අඩංගුවට ගත් බව මොරටුමුල්ල පොලිසිය පවසනවා.

අත්අඩංගුවට ගත් සැකකාරිය මේ වන විට බන්ධනාගාර ගතව සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ආමි චතු නැමැත්තාගේ බිරිඳ බවයි පොලිසිය පවසන්නේ.

මොරටුමුල්ල විල්ලෝරවත්ත ප්‍රදේශයේ නිවසක් වටලා කළ පරික්ෂාවේදී මෙම අයිස් මත්ද්‍රව්‍ය (ගෑම් 170) ක් සමඟ සැකකාරිය අත්අඩංගුවට ගෙන ඇත.

සැමියා බන්ධනාගාර ගතවීමෙන් අනතුරුව සැකකාරිය මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදී ඇති බවට පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.