72 වැනි ලෝක රූ රැජින තරඟයට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් අනුදි ගුණසේකර සහභාගීවනවා. ඇය, ශ්‍රී ලාංකික නිරූපිකාවක් සහ සමාජ ක්‍රියාකාරිනියක් ද වනවා.
මැයි 7 ආරම්භ වූ තරගාවලිය, ඉන්දියාවේ තෙලන්ගානා ප්‍රාන්තයේ – හයිද්‍රාබාද්හිදී පැවැත්වෙනවා.
අවසන් තරගය පැවැත්වෙන්නේ 31 වැනිදායි.
රටවල් 140ක තරඟකරුවන් මෙම ඉසව්ව සඳහා සහභාගීවනවා.
ජාත්‍යන්තර වේදිකාවේ ජාතියේ සුන්දරත්වය, සංස්කෘතිය සහ මානුෂීය හේතූන් සඳහා කැපවීම ප්‍රදර්ශනය කිරීමට සූදානම්වන අනුදි ගුණසේකරගේ සහභාගීත්වය ශ්‍රී ලංකාවට ආඩම්බර මොහොතක් සනිටුහන් කරනවා.
