ලෙබනනයට ප්‍රහාර 15ක් මරුට

ඊශ්‍රායලය දකුණු ‍දිග ලෙබනනයට එල්ල කළ ප්‍රහාරවලින් 15 දෙනෙකු මියගොස් ඇතැයි, ඉරාන පුවත් ඒජන්සිය පවසනවා. ඉරානය ඊශ්‍රායලය මෙගේව් සහ අරාවා ප්‍රදේශවලට මිසයිල ප්‍රහාර මාලාවක් එල්ල කර ඇති අතර ඒවා සාර්ථකව මැඩපැවැත්වීමට හැකිවූ බවයි ඊශ්‍රායල ආරක්ෂක අංශ පවසන්නේ.

පසුගිය පැය කිහිපය තුළ ඉරානය දකුණු දිග ඊශ්‍රායලයට එල්ල කළ ප්‍රහාරවලින් ජීවිත හානි කිසිවක් මෙතෙක් වාර්තා වී නැහැ.