ලොරි රථයක ගැටී දරුවෙකු මරුට

ගාල්ල කොළඹ ප්‍රධාන මාර්ගයේ වෙට්ටුමකඩ හන්දිය අසලදී ඊයේ (07) දින රාත්‍රී ගාල්ල දෙස සිට කොළඹ දෙසට ධාවනය වූ ලොරි රථයක් මාර්ගය හරහා පාපැදිකින් ගමන්කල ළමයෙකුගේ ගැටී අනතුරක් සිදුව ඇත.

අනතුරින් එම ළමයා බරපතල තුවාල ලබා කළුතර නාගොඩ රෝහලට ඇතුලත් කිරීමෙන් පසු මියගොස් ඇත.

මරණකරු වයස අවුරුදු‍ 11 ක් වූ කටුකුරුන්ද ප්‍රදේශයේ පදිංචි පිරිමි ළමයෙකි.

මෘත ශරීරය කළුතර නාගොඩ රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර අනතුරට සම්බන්ධ ලොරි රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇත.

කළුතර දකුණ පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.