ලොවක් බලාසිටින යුද්ධයක්

ආසියානු කුසලාන විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ වඩාත් අවදානය දිනා ගන්නා ඉන්දියාව සහ පාකිස්තානය අතර තරඟය අද (14) මෙරට වේලාවෙන් රාත්‍රී 8.00ට ආරම්භවීමට නියමිතව තිබේ.

තරගාවලියේ ඒ කාණ්ඩය යටතේ තරඟ වදින මෙම කණ්ඩායම් දෙකම මේ වනවිට සහභාගී වූ පළමු තරගය ජයගැනීමට සමත්ව තිබේ.

ඉන්දියාව සහ පාකිස්තානය අතර පවතින මතභේදාත්මක වාතාවරණය දෙරට අතර ක්‍රිකට් තරඟ සදහා ද බලපෑම් එල්ල කර ඇති බව විචාරකයින්ගේ මතයයි.