ලොවක් වසඟ කළ කිරුළු පැළඳි තායි කුමරිය

ලොව වඩාත් ආකර්ෂණීය තරඟාවලියක් වන 2025 ලෝක රූ රැජින තරඟාවලියේ කිරළ හිමි කර ගැනීමට තායිලන්ත රූමතිය, ඔපල් සුචතා චුවාංශ්‍රී සමත් වුණා.

මෙතෙක් පැවති ලෝක රූ රැජින තරඟාවලියකදි තායිලන්තය විසින් කිරුළ ජයග්‍රහණය කරන ලද පළමු අවස්ථාව මෙයයි.

72 වැනි ලෝක රූ රැජින තරඟාවලියේ අවසන් මහා තරඟය, ඉන්දියාවේ තෙලන්ගානා ප්‍රාන්තයේ හයිද්‍රබාද් හි “හයිටෙක්ස්” ප්‍රදර්ශනයේ දී ඊයේ පස්වරුවේ අති උත්කර්ෂවත් අයුරින් පැවැත්වුණා.

2016 වසරේ ලෝක රූ රැජින කිරළ දිනාගත්  ස්ටෙෆනි ඩෙල් වැලේ සහ සුප්‍රසිද්ධ ඉන්දීය නිවේදකයෙකු වන සචින් කුම්බාර් විසින් මෙම අති උත්කර්ෂවත් අවස්ථාව මෙහෙයවනු ලැබුවා.

සුරූපී බොලිවුඩ් නිළි , ජැකලින් ෆර්ඩිනැන්ඩස් සහ සුප්‍රකට නළු ඉෂාන් කට්ටර් විසින් ආකාර්ෂණීය රංගනයක් ද ‍එහිදි ඉදිරිපත් කළා.

ලෝක රූ රැජින තරඟාවලිය ඉන්දීයාවේ දි පැවැත්වූ 3 වැනි අවස්ථාව මෙයයි. 1996 වසරේ සහ ඉකුත් වසරේදි ද ලෝක රූ රැජින තරගාවලිය අති උත්කර්ෂවත් අයුරින් ඉන්දියාවේදි පැවැත්වුණා.