ඉරානයේ න්‍යෂ්ටික මධ්‍යස්ථාන සහ බලශක්ති යටිතල පහසුකම් ඉලක්ක කරගනිමින් ඇමරිකාව සහ ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාර හමුවේ මැදපෙරදිග කලාපය දැඩි අර්බුදකාරී තත්ත්වයකට පත්ව තිබෙනවා.
ඉරානය මෙම ප්‍රහාරවලට ප්‍රතිප්‍රහාර එල්ල කරන බවට අනතුරු අඟවා ඇති අතර, ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය මිත්‍ර පාර්ශවීය නේටෝ සංවිධානයේ ක්‍රියාකලාපය දැඩි ලෙස විවේචනය කරමින් අදහස් දක්වා සිටිනවා.
යුද්ධය ආරම්භ වී සති හතරක් ගතවන මෙම අවස්ථාවේදී දෙපාර්ශවයේම දේපළ හා ජීවිත හානි වාර්තා වීම තවදුරටත් ඉහළ යමින් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
