ලෝක රූ රැජින කිරුළ දිනන්න ටිෂානි තායිලන්තයට

12 වැනි ලෝක රූ රැජින තරගාවලියට සහභාගි වීම සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ටිෂානි පෙරේරා සුදුසුකම් ලබා සිටිනවා.

ඇය ඒ සඳහා අද අලුයම තයිලන්තය බලා පිටත්ව ගියා.

ලෝකයේ ප්‍රධානතම රූ රැජින තරගාවලියක් වන මෙම තරගාවලියට, රටවල් සියයකට අධික සංඛ්‍යාවකින් තරගකාරිනියන් සහභාගි වනවා.

හෙටින් ආරම්භ වන තරගාවලිය, තායිලන්තයේ බැංකොක් නුවර දී ලබන මස 18 වැනිදා ‍තෙක් පැවැත්වෙනු ඇති.

මෙම තරගාවලියට ටිෂානි පෙරේරා තෝරාගනු ලැබුවේ, පසුගියදා පැවති ශ්‍රී ලංකා රූ රැජින අවසන් මහා තරගයෙන් ජයග්‍රහණය කිරීමෙන් අනතුරුවයි.