
ජාතික ළමා දිනය සහ වැඩිහිටි දිනය අදට යෙදී තිබෙනවා. මෙවර ලෝක ළමා දිනයේ තේමාව ” ආදරෙන් සුරකින්න – අපට ලොව දිනන්නට” යන්නයි.
1925 වසරේ පැවති දරුවන්ගේ සුබසාධනය පිළිබඳ අන්තර් ජාතික සමුළුවේදී “ලෝක ළමා දිනය” සැමරීමට දිනයක් යොදා ගත යුතු බව, ප්‍රකාශයට පත් කෙරුණා. ඒ සඳහා සුදුසු දිනයක් තෝරා ගත යුතු බවට තීරණය කෙරුණේ, 1954 වසරේ දී. ඒ අනුව, ලොව රටවල් ළමා දිනය සැමරීම සඳහා විවිධ දින යොදා ගෙන ඇති අතර, ශ්‍රී ලංකාව එම දිනය සමරන්නේ, ඔක්තෝබර් පළමු වැනි දිනයි.
ලෝක ළමා දින ජාතික සැමරුම, අද අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන්, පැවැත්වුණා. ඒ, අරලියගහ මන්දිරයේ දී. මෙහිදී ලෝක ළමා දිනය වෙනුවෙන් මුල්දින කවරයක් හා මුද්දරයක් එළිදැක්වීම ද සිදු කෙරුණා. ළමා සංවර්ධන මධ්‍යස්ථානවල සිටින දරුවන් වෙනුවෙන් පැවැත්වූ ගද්‍ය, පද්‍ය, රචනා හා කෙටි කථා තරගාවලියෙන් තෝරාගත් නිර්මාණ ඇසුරින් සකසන ලද “ ක්ෂේම භූමි” නිර්මාණ ග්‍රන්තය ද කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය සරෝජිනි සාවිත්‍රි පෝල්රාජ් මහත්මිය විසින් අග්‍රාමාත්‍යවරිය වෙත පිළිගන්වනු ලැබුවා.
මැති ඇමතිවරුන්, රාජ්‍ය නිලධාරින්, තානාපතිවරුන්, දරු දැරියන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.