වතුකම්කරුවන්ට නොමිලේ තේ දළු නෙළන යන්ත්‍රයක්

හැටන් දික්ඔය ඉන්ජෙස්ට්‍රි වතුයායේ වතු කම්කරුවන්ට තේ දළු නෙළන යන්ත්‍රයක් නොමිලේ ලබා දීම (15) දින එම වතුයායේ දි සිදු කෙරිණ.

තේ දළු නෙළීමට ශ්‍රම දායකත්වය අවම වීම නිසා එයට විසදුමක් ලෙස බෙරන්ඩිනා ආයතනය මගින් එම වතුයායේ අඩු ආදායම් ලාභී පවුල් 40කට එම යන්ත්‍රය ලබා දුන් බවත්, තේ දළු නෙළීමේ ශ්‍රම දායකත්වය අඩු සෑම වතුයායකම අඩු ආදායම් ලාභී පවුල් තෝරා එම පවුල් වලට එවැනි යන්ත්‍රය මගින් පිරිනැමීමේ වැඩසටයහනක් තම ආයතනය

මගින් සිදු කරන බවයි බෙරෙන්ඩිනා ආයනතයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී බී.එම්. රහීම් මහතා කියා සිටියේ.

එම වතුයායේ තෝරාගත් අඩු ආදායම් ලාභී පවුල් වලට එම යන්ත්‍රයෙන් තේ දළු නෙළණ ආකාරය පිලිබදව ප්‍රායෝගික වැඩමුලුවක් පවත්වා එම යන්ත්‍රය පිරිනැමනු ලැබුහ.

චීනයේ නිෂ්පාදිත ඉතා සැහැල්ලු එම තේ දළු නෙලීමේ යන්ත්‍රයේ බැට්‍රියක් පැය 08ක් රෝපණය කිරිමෙන් පසු පැය 16ක් තේ දළු නෙළිය හැකි බවත්, හොදින් තේ දළු වැවී තිබෙන කාලයකදී දිනකට මෙම යන්ත්‍රයෙන් අමු තේ දළු කිලෝ 150ක් පහසුවෙන්ම නෙලීමෙන් වතු කම්කරුවන්ට දෛනික වැටුපට අමතරව විශාල ආදායමක් උපයා ගත හැකි බවත්, එම යන්ත්‍රය සම්පූර්ණයෙන්ම ආරක්ෂාකාරි බවයි එම යන්ත්‍රය මෙරටට ආනයනය කර බෙදාහරින එම සමාගමේ නිළධාරියෙකු කියා සිටියේ.