වතුර වලකට වැටී මල් කැකුළකට දිවි අහිමි වෙයි

අරලගංවිල, කන්දේගම ප්‍රදේශයේ ඊයේ (20) දින උදෑසන ඉඩමක ජලය පිරී තිබූ වලකට දරුවෙකු වැටී මියගොස් තිබෙනවා.

අරලගංවිල පොලිස් ස්ථානයට ලද පැමිණිල්ලක් මත විමර්ශන ආරම්භ කර ඇත.

මියගිය දරුවා වයස අවුරුදු‍ 02 ක් වූ කන්දේගම, දම්මින්න ප්‍රදේශයේ පදිංචි දරුවෙකි.

මෘත ශරීරය අරලගංවිල රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර අරලගංවිල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා.