වතු නිවාස පෙළක ගින්නක්

කොත්මලේ පූඩළුඔය පොලිස් වසමට අයත් ඩන්සින්න වත්තේ මැද කොටසේ වතු නිවාස පේළියක ඊයේ (25) දින දහවල් ගින්නක් හටගෙන තිබෙනවා.

ගින්නෙන් වතු නිවාස 6ක් ගිනිගෙන විනාශ වි ඇති බව පූඩළුඔය පොලිසිය පවසනවා.

පැතිර යමින් තිබූ ගින්න වතු කම්කරුවන් එක්ව පාලනය කර තිබෙනවා.

ගින්නෙන් විනාශ වූ වතු නිවාස 9ට පදිංචිව සිටි වතු කම්කරුවන් 21 දෙනෙකු පමණ තාවකාලිකව එම වතුයායේම ආරක්ෂිත ස්ථානයක තාවකාලිකව නතර කර ඇති අතර කිසිවෙකුටත් හානි සිදුව නැහැ..

ගින්නට හේතුව විදුලි කාන්දු වීමක් බවට පොලිසිය සැකකරනවා.

ගින්නෙන් සිදු වූ අලාභය මෙතෙක් තක්සේරු කර නැහැ.