දිවුලපිටිය සිට සෝමාවතී චෛත්‍ය වැඳපුදා ගැනීමට පැමිණි වන්දනාකරුවන් පිරිසක් රැගත් බස් රථයක් අද උදෑසන සෝමාවතිය ප්‍රධාන මාර්ගයේ 36 කණුව ආසන්නයේදි මාර්ගයෙන් ඉවතට පැන පෙරලී තිබෙනවා. එම අනතුරින් පුද්ගලයන් 12 දෙනෙකු තුවාල ලබා රෝහල් ගතකර ඇති අතර, බස් රථය අනතුරට ලක්වීමට හේතුව ලෙස පොලිසිය සැකකරන්නේ රියදුරුට නින්දායම බවයි.
