ඊයේ (12) රාත්‍රී කාලයේදී අලදෙණිය, යටිහලගල කුළුගම්මන මාර්ගයේ සිදුවූ අනතුරකින් 37 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.
ඒ යටිහලගල දෙස සිට කුළුගම්මන දෙසට ධාවනය වූ පුද්ගලික බස් රථයක් මාර්ගයෙන් ඉවතට පැන බෑවුමකට ගොස් සිදුවූ අනතුරකින්.
අනතුරින් බස් රථයේ රියදුරු ඇතුළු පිරිමි පුද්ගලයින් 09ක්, කාන්තාවන් 20ක් හා ළමුන් 08 දෙනෙකු පමණ තුවාල ලබා ප්‍රතිකාර සඳහා මහනුවර, පේරාදෙණිය හා තිත්පජ්ජල රෝහල්වලට ඇතුලත් කර ඇත.
ගල්ගමුව, ඇහැටුවැව ප්‍රදේශයේ සිට මහනුවර ප්‍රදේශයට වන්දනා ගමනක් සඳහා පැමිණි පිරිසක් මෙම අනතුරට ලක්ව ඇත.
තුවාලකරුවන්ගේ තත්වය බරපතල නොවන අතර අලදෙණිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා.
