වන අලියෙකු පහරදීමෙන් පුද්ගලයෙකු මරුට

ඊයේ (06) දින රාත්‍රී කාලයේ පූනෑව, 10 කණුව ප්‍රදේශයේදී වන අලියෙකු පහරදීමෙන් පුද්ගලයෙකු මියගොස් ඇති බවට පූනෑව පොලිස් ස්ථානයට ලද පණිවිඩයක් මත විමර්ශන ආරම්භ කර ඇත.

මරණකරු වයස අවුරුදු 72 ක් වූ පුලස්තිගම, පොළොන්නරුව ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

මරණකරු ඥාතී නිවසකට පැමිණ සිටියදී මෙලෙස වන අලි ප්‍රහාරයට ලක්ව ඇති බවට දැනට සිදු කරන ලද විමර්ශනයේදී අනාවරණය විය.

හදිසි මරණ පරීක්ෂණය සිදුකිරීමෙන් පසු මෘත දේහය ඥාතීන්ට භාරදී ඇත. පූනෑව පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.