ඊයේ (21) දින සවස් කාලයේ දියබෙදුම පොලිස් වසමේ කොදුරුවාව ප්‍රදේශයේදී පුද්ගලයෙකුට වන අලියෙකු පහරදීම හේතුවෙන් මියගොස් තිබෙනවා.

වන අලි ප්‍රහාරයෙන් පසු තුවාලකරු දියබෙදුම රෝහලට ඇතුලත් කර වැඩිදුර ප්‍රතිකාර සඳහා පොළොන්නරුව රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගිය බවයි දියබෙදුම පොලිසිය පවසන්නේ. මරණකරු අවුරුදු 61 ක් වූ අත්තනකඩවල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. රාත්‍රී කාලයේ පේක්කුලම ප්‍රදේශයේ කුඹුරු යායේ පැල් රැකීමට තවත් පුද්ගලයෙකු සමඟ යතුරුපැදියෙන් ගමන් කරමින් සිටියදී මෙලෙස ඔහු වන අලි ප්‍රහාරයට ලක්ව තිබෙනවා. දියබෙදුම පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.