වන අලි රංචුවක් වැල්ලවායේ පොල් ගස් තුන්සියයක් සහ විනාශ කරලා

වැල්ලවාය ප්‍රාදේශීය ලේකම් කොඨ්ඨාශයට අයත් හදපානාගල ප්‍රදේශයට කඩා වැදුණු වනඅලි රංචුවක් ප්‍රදේශයේ වගා කර තිබූ ඵලදාව නෙලමින් සිටි පොල් ගස් ඇතුළු පොල් ගස් තුන්සියයක් පමණ විනාශ කර දමා තිබේ.

ඊට අමතරව කෙසෙල්,වට්ටක්කා ඇතුළු වගාවන් අක්කර දහයකට ආසන්න ප්‍රමාණයක් ද සම්පූර්ණයෙන් ම විනාශ කර දමා ඇත.

රංචු වශයෙන් පැමිනෙන වනඅලි හදපානාගල ප්‍රදේශයේ මිනිස් දේපල රැසකටද පසුගිය දින කිහිපය තුල හානි සිදු කර ඇත.

තමන් දුක් මහන්සියෙන් වගා කල වගාවන් මෙලෙස විනාශ වීමත් සමග ප්‍රදේශයේ ගොවි ජනතාව දැඩිලෙස පීඩාවට පත් වී තිබේ.

වසර ගණනාවක සිට තමන් මෙම උග්‍ර වනඅලි ගැටලුව නිසා පීඩාවට පත් වී ඇති නමුත් මේ වන තෙක් මීට නිසි විසඳුමක් නොලැබුණු බව ප්‍රදේශයේ ජනතාව පවසති.

තමන් මුහුණ දෙන මෙම වනඅලි ගැටලුවට කඩිනමින් විසදුමක් ලබා දෙන ලෙස ප්‍රදේශයේ ජනතාව බලධාරින්ගෙන් ඉල්ලීමක් කර සිටී.