වසරේ මේ දක්වා කාලය තුළ දියේ ගිලී මියයාම් 257ක්

මේ වසරේ මේ දක්වා කාලය තුළ දි‍යේ ගිලි සිදුවූ අනතුරුවලින් පුද්ගලයින් 257 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිසිය පවසනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි එෆ් යූ වුට්ලර් මහතා සඳහන් කළේ ඒ අතරට කාන්තාවන් 37 දෙනෙකු සහ පිරිමි පුද්ගලයින් 220 දෙනෙකු ඇතුළත් බවයි.

මේ අතර දියේ ගිලුණු විදේශිය සංචාරකයින් 33 දෙනෙකු බේරාගැනීමට පොලිස් ජීවිත ආරක්ෂක කොට්ඨාශ සමත්ව තිබෙනවා.