මියන්මාර මහ මැතිවරණයේ ඡන්ද විමසීම අද ආරම්භ කෙරුණා.
2021 වසරේ කුමන්ත්රණයකින් එවක පැවති රජය පෙරළා දැමීමෙන් පසු බලයට පත්වූ මියන්මාර හමුදා පාලනය විසින් පවත්වනු ලබන පළමු මහ මැතිවරණය මෙයයි.
අදියර තුනකින් සමන්විත මහ මැතිවරණයේ ඡන්ද විමසීමේ අද පැවැත්වුණේ, පළමු අදියරයි.
ජනවාරි 11 වැනිදා සහ ජනවාරි 25 වැනිදා අනෙකුත් ඡන්ද විමසීම් පැවැත්වීමට නියමිතයි.
දැඩි සීමාවන් යටතේ මැතිවරණය පැවැත්වෙන බැවින් එරට නගර 65 ක ඡන්ද විමසීම අවලංගු කිරීමට පියවර ගෙන ඇති බව වාර්තා වනවා.
