ඉන්දියාවට එරෙහිව ඉන්දියාවේදී පළමු වරට එක්දින තරගාවලියක් ජයගැනීමට නවසීලන්තය සමත්වුණා.
තරග 3 කින් සමන්විත වූ එක්දින තරගාවලිය නවසීලන්තය ජය ගත්තේ දෙකට එකක් ලෙසයි.
තරගාවලියේ තුන්වැනි තරගය ඉන්දියාවේ ඉන්ඩෝර් හිදි ඊයේ පැවැත්වුණා.
පළමුවෙන් පන්දුවට පහරදුන් නවසීලන්තය පන්දුවාර 50 ක් ඇතුළත කඩුලු 8 ක් දැවී ලකුණු 337 ක් රැස් කළා.
ඩැරල් මිචෙල් ලකුණු 137 යි. ඔහු මෙවර තරගාවලියේදී ලබාගත් ලකුණු සංඛ්‍යාව 352 ක්.
ඒ අනුව ඩැරල් මිචෙල් ඉතිහාසයට එක්වුණේ තරග 3 කින් යුත් එක්දින තරගාවලියක එක් ක්‍රීඩකයෙකු වැඩිම ලකුණු රැස්කළ ලේඛනයේ තුන්වැන්නා ලෙසයි.
ග්ලෙන් පිලිප්ස් ලකුණු 106 යි. පන්දු යැවීමේදී අර්ෂිදීප් සිං සහ හර්ෂිත් රනා අතර කඩුලු 3 බැගින් බෙදීගියා.
පිළිතුරු ලෙස ඉන්දියාවට පන්දුවාර 46 කදී සියලු ක්‍රීඩකයින් දැවී රැස් කිරීමට හැකිවුනේ ලකුණු 296 ක් පමණයි.
ඒ අනුව නවසීලන්තය තරගය ජයගත්තේ ලකුණු 41 කින්. වැඩිම ලකුණුලාභියා වූ විරාත් කෝලි ලකුණු 124 ක් රැස් කළා.
පන්දු යැවීමේදී ක්‍රිස්ටියන් ක්ලාක් සහ සැක් ෆෝල්කර් අතර කඩුලු 3 බැගින් බෙදීගියා.
