රසාරා විජේසූරිය මීටර පන්දහස කාන්තා ධාවන ඉසව්වෙන් නව ශ්‍රී ලංකා වාර්තාවක් පිහිටුවා තිබෙනවා. ඒ, ජර්මනියේ පැවැත්වෙන ලෝක විශ්විද්‍යාල ක්‍රීඩා උලෙළේ දී.
ශ්‍රී ලංකා ක්‍රිඩිකා රසාරා විජේසූරිය මෙහිදී මීටර පන්දහස ධාවන ඉසව්ව අවසන් කළේ මිනිත්තු 15 යි, තත්පර 52 යි දශම 6 යි බින්දුවක කාලයකින්.
ඇය විසින් බිඳහෙලනු ලැබුවේ, 2021 වසරේ දී ගයන්තිකා අබේරත්න විසින් පිහිටුවා තිබූ ශ්‍රී ලංකා වාර්තාවයි.
ඇය එහිදී තරඟය නිම කර තිබුණේ මිනිත්තු 15 යි, තත්තර 55 යි දශම 8 යි 4 ක කාලයක් වාර්තා කරමින්.
රසාරා විජේසුරිය ඊයේ මීටර පන්දහස අවසන් තරගය නිම කළේ 11 වැන්නා ලෙසයි. මීට පෙර ඇය මෙම ක්‍රීඩා උලෙළේදීම මීටර දස දහස කාන්තා ධාවන ඉසව්වේදී ද නව ශ්‍රී ලංකා වාර්තාවක් පිහිටුවීමට සමත් වුණා.
