කාන්තා එක්දින තරග ඉතිහාසයේ කණ්ඩායමක් හඹා ගිය ඉහළතම ලකුණු සංඛ්‍යාවේ ලෝක වාර්තා තමන් සතු කරගනිමින්, 2025 ලෝක කුසලාන කාන්තා එක්දින තරගාවලියේ අවසන් තරගයට සුදුසුකම් ලබා ගැනීමට ඉන්දියාව ඊයේ සමත් වුණා.
ඒ, වත්මන් ලෝක ශූර ඕස්ට්‍රේලියා කණ්ඩායම දෙවැනි අවසන් පූර්ව තරඟයේදී කඩුළු 5 කින් පරාජය කරමින්. තරගය පැවැත්වුණේ ඉන්දියාවේ නවි මුම්බායි හීදි.
කාසියේ වාසිය හිමිකරගත් ඕස්ට්‍රේලියාව පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළා.
ඒ අනුව ඔවුන්, පන්දුවාර 49 යි පන්දු 5 ක් අවසානයේ සියලුදෙනා දැවී ලකුණු 338 ක් රැස් කළා.
විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ ෆෝබි ලිච්ෆීල්ඩ් පන්දු 93 කදි ලකුණු 119 ක් ලබාගත්තා.
එලිස් පෙරී ලකුණු 77 යි. ඈෂ්ලි ගාඩ්නර් ලකුණු 63 ක් ලබා ගත්තා. පන්දු යැවීමේදී ශ්‍රී චරණි සහ දීප්ති ශර්මා කඩුලු 2 බැගින් බිඳහෙලුවා.
ඒ අනුව, තරගය ජය ගැනීමට ඉන්දීය කණ්ඩායමට හිමි වූ ඉලක්කය ලකුණු 339 ක්.
ඉන්දීය කණ්ඩායමේ පළමු කඩුළු දෙක ලකුණු 59 කදි දැවී යද්දී, තෙවැනි කඩුල්ලට ලකුණු 167 ක ශක්තිමත් සබඳතාවක් ගොඩනැගීමට ජෙමිමා රොඩ්රිගස් සමගින් නායිකා හර්මන්ප්‍රීත් කෞර් සමත් වුණා.
හර්මන්ප්‍රීත් කෞර් ලකුණු 89 යි. තරගය ජයග්‍රහණය කරා ගෙන යමින් විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ ජෙමිමා රොඩ්රිගස් නොදැවී ලකුණු 127 ක් රැස් කළා.
ඒ අනුව, ඉන්දීය කණ්ඩායම පන්දුවාර 48 යි පන්දු 3 ක් අවසානයේ කඩුලු 5 ක් දැවී ලකුණු 341 ක් ලබා ගනිමින්, ලෝක කුසලාන කාන්තා එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට තෙවැනි වරටත් සුදුසුකම් ලබා ගත්තා.
ඉන්දීය කණ්ඩායම ඊයේ වාර්තා කළ ලකුණු 341 ක, කාන්තා එක්දින තරගාවලියක හඹා ගොස් ජය ගත් ඉහළතම ලකුණු සංඛ්‍යාව ලෙසයි සැලකෙන්නේ.
මෙම ජයත් සමගින් ඉන්දියාව ලබන ඉරිදා දකුණු අප්‍රිකා කණ්ඩායම සමගින් අවසන් තරගයට ක්‍රීඩා කිරීම නියමිතයි.
වසර 52 ක ලෝක කුසලාන කාන්තා එක්දින ක්‍රිකට් ඉතිහාසයේ ඕට්‍රේලියාව හෝ එංගලන්තය නොමැතිව අවසන් තරගයක් ක්‍රීඩා කරන පළමු අවස්ථාව මෙය වීම විශේෂත්වයක්.
එමෙන්ම, මෙවර ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව අවසන් තරගයට තරග වදින්නේ, තම පළමු ලෝක ශූරතාව හිමි කර ගැනීමේ අරමුණින්.
