ඇලස්කාවේ “ඇලුටියන්” දූපත් දාමයට ඔබ්බෙන් වූ මුහුදේ මෙක්සිකෝවට වාහන රැගෙන යමින් තිබූ නෞකාවක් ගිනි ගෙන තිබෙනවා.
ගින්න හට ගන්නා අවස්ථාවේ එහි වාහන 3, 000 ක් පමණ ප්‍රවාහනය කරමින් තිබූ බවයි, වාර්තා වන්නේ.
ගිනි ගැනීමට ලක්වූ නෞකාවේ ප්‍රවාහනය කරමින් තිබූ වාහන අතර, විදුලි මෝටර් රථ 800 ක් පමණ තිබූ බවයි, විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ.
සිද්ධියත් සමග නෞකාවේ ආරක්‍ෂණ ගිනි නිවීමේ උපකරණ යොදා ගනිමින් කාර්ය මණ්ඩලය ගින්න පාලනය කිරීමට උත්සහ දැරූ නමුත්, එය පාලනය කළ නොහැකි තත්වයක පවතින බවයි, මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ.
මේ හේතුවෙන් නෞකාවේ කාර්ය මණ්ඩලය නෞකාව අතහැර ආරක්‍ෂිතව බෝට්ටු මගින් ඉවත්ව ඇති බව, මාධ්‍ය වාර්තා සඳහන් කරනවා.
ගින්න හට ගැනීමත් සමග නෞකාවේ ආපදා අනතුරු ඇඟවීමේ අංශ මගින් සංඥා නිකුත් කළ බව, වෙරළාරක්ෂක බලකාය ප්‍රකාශ කරනවා.
නෞකාවේ කාර්ය මණ්ඩලය සහ නැව් සමාගම, නෞකාවට සිදුව ඇති හානිය තක්සේරු කරමින් පවතින අතර, ඉදිරි දින කිහිපය තුළ නිරීක්ෂණය කිරීම සඳහා චන්ද්‍රිකා තාක්‍ෂණය සම්බන්ධ කර ගන්න බවයි, බලධාරින් කියා සිටින්නේ.
තාක්‍ෂණික විශේෂඥයින් සහ විශේෂ උපකරණ රැගත් ටග් යාත්‍රාවක් ලබන සඳුදා අනතුරට පත් නෞකාව වෙත විමර්ශන කටයුතු සඳහා යාමට නියමිතයි.
