මෙම මාසයට අදාළ වැඩිහිටි දීමනාව බැංකුගත කිරීම හෙට දිනයේ සිදුකරන බව සුබසාධක ප්රතිලාභ මණ්ඩලය නිවේදනය කරනවා.
අස්වැසුම ප්රතිලාභී පවුල්වල වයස අවුරුදු 70ට වැඩි පිරිස් සදහා ලබාදෙන වැඩිහිටි දීමනාව සදහා රුපියල් බිලියන තුනකට ආසන්න මුදලක් බැංකුගත කිරීමට නියමිතයි.
ප්රතිලාභීන් පන්ලක්ෂ අනූනව දහස් හත්සිය තිස් දෙනෙකු සඳහා දැනට මෙම දීමනාව හිමිවනවා.
