දිවයිනේ නිරිතදිග කොටසේ පවතින වැසි තත්වය, අද දින සිට ක්‍රමයෙන් අඩුවනු ඇතැයි, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
පසුගිය දින කිහිපය තුළ දිවයිනට බලපා ඇති අධික වැසි සහ සුළං හේතුවෙන් දිස්ත්‍රික්ක 14 ක, පවුල් 2,757 කට අයත් 10,270 දෙනෙකුට බලපෑම් එල්ල වී තිබෙනවා. සිදුවු ආපදාවන්ගෙන් 18 දෙනෙකු තුවාල ලබා ඇති බවද වාර්තා වනවා.
බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ යන පළාත්වලත්, ගාල්ල සහ මාතර යන දිස්ත්‍රික්කවලත් අද වරින් වර වැසි හෝ ගිගුරුම් සහිත වැසි හෝ ඇතිවිය හැකියි. ඌව පළාතේත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන කිහිපයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි.
මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල, උතුරු, උතුරු මැද සහ වයඹ යන පළාත්වල හා හම්බන්තොට සහ ත්‍රිකුණාමලය යන දිස්ත්‍රික්කවල වරින් වර පැයට කිලෝමීටර් 30 ත් 40 ත් පමණ තද සුළං ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.
පුත්තලම සිට කොළඹ සහ ගාල්ල හරහා හම්බන්තොට දක්වා වෙරළට ඔබ්බෙන් මුහුදු ප්‍රදේශවලද තැනිත් තැන වැසි ඇතිවිය හැකියි.
හලාවත සිට පුත්තලම සහ මන්නාරම හරහා කන්කසන්තුරේ දක්වාද, ගාල්ල සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වාද වෙරළට ඔබ්බෙන් මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය පැයට කිලෝමීටර් 30 ත් 40 ත් පමණ වන අතර එය පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැයට කිලෝ මීටර 50 පමණ දක්වා ඉහළ යා හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ.
මේ අතර ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය දිස්ත්‍රික්ක 5 ක ප්‍රදේශ කිහිපයකට නායයෑම් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.
ඒ අනුව ගාල්ල දිස්ත්‍රික්කයේ බද්දේගම, මහනුවර දිස්ත්‍රික්කයේ ගඟඉහළ කෝරලේ, කෑගල්ල දිස්ත්‍රික්කයේ අරණායක, නුවරඑළිය දිස්ත්‍රික්කයේ අඹගමුව, නෝර්වුඩ් සහ රත්නපුර දිස්ත්‍රික්කයේ කිරිඇල්ල යන ප්‍රදේශ ඊට ඇතුළත්.
