
ක්‍රි.ව 357 දී ලොව වටිනාම හා විශාලතම පුස්තකාලය සතුවුයේ ඊජිප්තුවට ය. එය හැඳින්වුයේ ඇලෙක්සැන්ඩ්‍රියා යන නාමයෙනි. එය පැරණි ග්‍රීසියේ රෝමයේ හා අරාබියේ බුද්ධිමතුන් හා උගතුන් එක්රැස්වෙන ස්ථානයද, නගරය ද විය.

මෙම පුස්තකාලයේ අවසාන පාලකයා වුයේ තියොන් ය. තියොන් යනු එකල තාරකා විද්‍යාව ගණිතය හා දර්ශනය පිළිබඳ ඊජිප්තියානු මුහුණුවර ය. ඔහුගේම පාරේ යන අනගි දියණියක් ඔහුට සිටි අතර ඇය ඉතිහාසයේ අමරණීය නාමයක් තබා මියගිය හයිපතියා ය. හයිපතියා එකල පැරණි ඊජිප්තුවේ දේව විශ්වාසයන් හා මිථ්‍යා කතාන්දර මත නිර්මාණය වු අහසක් පොළොවක් ගැන විශ්වාසය නොතැබී ය. ඇය උනන්දුවූයේ සිය දෑස් දකින දෑස් ඉදිරිපිට කඩා වැටෙන හා නිවෙමින් දැල්වෙමින් අහස්කුස හරහා ගමනේ යෙදෙන තාරකාවන්ටය ග්‍රහ වස්තූන්ට ය.
එමෙන්ම රෝමය, ග්‍රීසිය තුර්කිය හරහා හමා එන ක්‍රිස්තියානු ධර්මය ගැනද ඇය එතරම් තැකීමක් නොකළා ය. ඇය ආදරය කළේ අහසේ රාත්‍රි කාලය පුරා දිදුලන තාරකාවල රහස් සොයමින් ඒවා එසේ වන්නේ කෙසේදැයි ගණිතමය ලෙස විග්රහ කිරීමට ය. ඒ සඳහා සිය පුස්තකාලය තුළ ඇයටම විශේෂවු පාසලක්, පන්ති කාමරයක් හා ඒ ආශ්‍රිතව ගොඩනඟාගත් විද්‍යාගාරයක්ද විය. ඇය මෙහිදී දිනපතා ග්‍රහලෝක ,පෘථිවිය හා තාරකා පිළිබඳ ඉගැන්වීම්ද, පරීක්ෂණ හා නිරීක්ෂණවලින්ද දවස ගෙවා දැමී ය. අලුත් ලෙස සිතන පතන පරම්පරාවකට මුල් අඩි තාලම දැමු ඉපැරණි ඊජිප්තුවෙි ප්‍රථම තාරකා ගුරුවරිය ඇය විය.
හයිපතියා ක්‍රි.වර්ෂ 355 දී ඉපදුණු අතර අන්තවාදී ක්‍රිස්තියානි ආගමික නායකත්වය විසින් හයිපතියාගේ මේ ඉගැන්වීම් ක්‍රි.වර්ෂ 415 දී නතර කරනු ලැබිණි. එ් ඇය මරා දැමීමෙනි. ඇය මරණයට පත් කරනවිට ඇය යෞවන වියේ පසු වූවා ය. අවබෝධය මිනිසා ඉදිරියට ගෙන යන බව විශ්වාස කළ ඇය අනවබෝධය අසත්‍ය සඳහා එක් මාවතක් විය හැකි බවත් විශ්වාස කළා ය. හයිපතියා සෞර ග්‍රහ මණ්ඩලයේ කේන්ද්‍රය පෘථිවිය නොවන බවත්, එහි කේනද්‍රය සුර්යයා බවත්, සියලු ග්‍රහ ලෝක සූර්යයා වටා නිශ්චිත ලෙසම කැරකැවෙමින් සිටින බවත්, එවායේ ගමන් මාර්ගය හැමවිටම ඉලිප්සාකාරබවත් සොයා ගත්තා ය. ඇගේ මේ අති විශිෂ්ට සොයාගැනීමි ත්‍රිත්වය සැබෑ හා අතිශය නිවැරදි බව කෙප්ලර් හා නිකලස් කොපර්නිකස් පැමිණ ඔප්පුකර පෙන්නන තුරු අපට තවත් අවුරුදු 1000 ක් උඩ බලා සිටීමට සිදුවිය. ඇගේ නිමැවුම් අතර ඇති තාරකා මාලිමාව ASTROLABE මෙහි අග්‍ර පලයකි. ඒ මගින් සුර්යයා හා ග්‍රහලෝක අතර ඇති දුර නිවැරදිව මැනීමට තාරකා විද්‍යාඥයන්ට වඩාත් පහසු කරලී ය. එසේම ද්‍රව්‍යන්ගේ නිවැරදි ඝනත්වය මැනීමට ඇය ඉදිරිපත් කළ පිත්තල ද්‍රව මානය තාරකා විද්‍යාව ලැබූ මහඟු දායාදයකි .
මෙි සියල්ල ඇය ග්‍රීසියේ රෝමයේ, ඊඡිප්තුවෙි බුද්ධිමතුන්ට හා ශිෂ්‍යන්ට පැහැදිලි කරන අතර රෝමයේ නීරෝ විසින් අඩපණ කරමින් හා ඝාතනය කරමින් තිබූ ක්‍රිස්තු ධර්මය නීරෝගේ රෝමයද පෙරළාගෙන ග්‍රිසිය හරහා තුර්කියට කඩා වැදී ඊඡිප්තුවේ ආගමික බලාධිකාරිය සිය අතට ගනු ලැබී ය. අතිශය කෘෘර ප්‍රතිපත්තියක් අනුගමනය කළ ඊජිප්තියානු ක්‍රිස්තියානි නිකායේ බිෂෝප් Cyril පළමුව විනාශකළ යුත්තේ මිනිසා සතු දැනුම බව ඇදහූ පුද්ගලයෙක් විය. හේ එබැවින් ලොව අනර්ඝතම පුස්තකාලය ගිනි තැබීමට සිය සහචරයන්ට අණ දුන්නේ ය. එවිට එහි පාලකයා තියොන් මිය ගොස් වසර දෙකකි. ඒ වනවිට එය පාලනය කළේ ඇලෙක්සැන්ඩියා පුස්තකාලයට අනුබද්ද පාසලේ ප්‍රධාන ආචාර්යවරිය වු ඔහුගේ දියණිය හයිපතියා ය.
විද්‍යාව ආගමට බාධාවක් සේ දුටු ක්‍රස්තියානි බිෂෝප් සිරිල්, හයිපතියා විසින් සොයාගත් සියලු විද්යාත්ම දේ බොරු බවට ඇය ලවාම කියවා ගත යුතු යයි නියම කරන ලදී. එහෙත් ඇය එය ප්‍රතික්ෂේප කර තිබිණි. ක්‍රි.වර්ෂ 415 මාර්තු 15 වැනි දා සිය අනුගාමිකයන් සමඟ ඇලෙක්සැන්ඩියා පුස්තකාලයට කඩාවැදුණු ක්‍රිස්තියානි ආගමික නායකයා හයිපිතියා ගේ දෙඅත් බැඳ ඇය නිරුවත් කර නගරයේ වීදි දිගේ ඇදගෙන ගියේ ය. අනුගාමිකයෝ වීදි දෙපස සිට ඇයට ගල්මුල් වලින් ගැසූහ. පරිභව කළහ. කෙළ ගැසූහ. ඇය ගණිකාවක හා මායාකාරියක බව ඔවුහු ශපථ කර සිටියෝ ය. අනතුරුව සිසේරීන් දේවස්ථානය තුළට ඇයව ඇදගෙන ගිය ඔවුහු ඇගේම සිසුවකු ලවා ඇයගේ සිරුරට තියුණු පිහි පහරවල් කිහිපයක් එල්ල කරවා අති කෘෘර ලෙස ඝාතනය කර දැමී ය.
ඉතිහාසයේ ඇති අතිශය කෘෘරතම ඝාතනවලින් එකක් ලෙස හයිපිතියා ඝාතනය සැලකිය හැකි ය. එහෙත් නුතන ලෝකය හා තාරකා විද්‍යාව ඇයව අමතක කළේ නැත ඔවුහු ඇයට සිහි වීමට හඳ මත ඇති විශේෂිත භූ ලක්ෂණ දෙක “හයිපිතියා භූ ලක්ෂණ” යනුවෙන් නම් කළෝ ය.
උපාලි ජයසිංහ