දිය අනතුරකින් විදේශීය ජාතිකයින් සිව්දෙනෙකු මිරිස්ස ජීවිතාරක්ෂක ඒකකයේ නිළධාරින් විසින් බේරා ගෙන තිබෙනවා.
කොටවිල පොලිස් වසමේ මිරිස්ස වෙරළ තීරයේ දිය නෑමට ගිය විදෙස් ජාතික පුද්ගලයින් දෙදෙනෙකු හා කාන්තාවන් දෙදෙනෙකු දිය වැලකට හසුවී මුහුදට ගසාගෙන යමින් සිටියදී මෙලෙස බේරා ගෙන ඇත.
වෙරළ තීරයේ රාජකාරී යෙදී සිටි පොලිස් ජීවිතාරක්ෂක ඒකකයට අනුයුක්ත උප පොලිස් පරීක්ෂක මෙන්ඩිස්, පොලිස් සැරයන් 59416 අජන්ත, පොලිස් සැරයන් 60674 ප්රියදර්ශන, පොලිස් කොස්තාපල් 96986 දිසානායක, පොලිස් කොස්තාපල් 104360 දේශාන් හා පොලිස් කොස්තාපල් 1051268 කහවත්ත යන නිලධාරීන් විසින් ඔවුන් සිව්දෙනා බේරාගෙන මූලික ප්රථමාධාර ලබා දී ඇත.
මෙලෙස අනතුරට පත්ව ඇත්තේ අවුරුදු 31 හා 38 වයස්වල පසුවන විදෙස් ජාතික පුද්ගලයින් දෙදෙනෙකු හා අවුරුදු 24 හා 28 වයස්වල පසුවන විදෙස් ජාතික කාන්තාවන් දෙදෙනෙකු වේ.
