වැඩකරන ජනතාවගේ අයිතිවාසිකම් සුරකීමට එක් ධජයක් යටතේ පෙළ ගැසෙන්නැයි, මැයි දින පණිවුඩයක් නිකුත් කරමින් විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වැඩකරන ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
ලෝක ආර්ථික ප්‍රවණතා හමුවේ රටේ කම්කරු අයිතිවාසිකම් සහ වගකීම් පිළිබඳ නව මානයකින් කටයුතු කිරීම අත්‍යවශ්‍යයි.
ඊට වැඩකරන ජනතාව දැනුවත් කිරීම සහ පෙළ ගැසීම වෘත්තීය සමිති ව්‍යාපාරයේ වගකීමක් වන බවයි, විපක්ෂ නායකවරයාගේ කම්කරු දින පණිවුඩයේ සඳහන් වන්නේ.
