වියට්නාමයේ බස් අනතුරකින් 10ක් මරුට

වියට්නාමයේ බස් රථ අනතුරකින් දසදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. එරට බලධාරින් පවසන්නේ තවත් 12 දෙනෙකු තුවාල ලබා ඇති බවයි.  මධ්‍යම වියට්නාමයේ සංචාරක බස් රථයක් අධිවේගී මාර්ගයක ධාවනය වෙමින් තිබියදි මෙලෙස අනතුරට ලක්ව තිබෙනවා.

මියගිය පිරිස අතර දරුවන් දෙදෙනෙක්ද වන බවයි එරට බලධාරින් කියා සිටියේ. හැනෝයි අගනුවර සිට ” ඩා නැං” නගරය වෙත ප්‍රධාන අධිවේගී මාර්ගයක ධාවනය වෙමින් පැවති මෙම බස් රථය මාර්ගයෙන් ඉවතට පැන පෙරලීයාමෙන් අනතුර සිදුව ඇති බවද ඔවුන් සඳහන් කළා.  මියගිය සියලු දෙනා වියට්නාම ජාතිකයින් බවයි වාර්තා වන්නේ. අනතුර සම්බන්ධයෙන් වියට්නාම රජය විශේෂ විමර්ශනයක් සිදුකිරීමටයි බලධාරින්ට දැනුම් දී ඇත්තේ‍. ” ඩා නැං” නගරය දෙස් විදෙස් සංචාරකයින් අතර ජනප්‍රිය ගමනාන්තයක් ලෙස සැළකෙනවා.