වයස අවුරුදු 19 න් පහළ එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ජපානය සමඟ ඊයේ පැවැති තරගය ලකුණු 203කින් ජය ගැනීමට ශ්‍රී ලංකාව සමත් වුණා.
එහිදි යොවුන් ලෝක කුසලාන ඉතිහාසයේ ක්‍රීඩකයෙකු මෙතෙක් ලබාගත් ඉහළම ලකුණු සංඛ්‍යාව රැස් කිරීමට ශ්‍රි ලංකා කණ්ඩායමේ විරාන් චමුදිත සමත්වීම විශේෂත්වයක්.
ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සිම්බාබ්වේ සහ නැමීබියා හිදී පැවැත්වෙනවා.
ඒ කාණ්ඩයේ තරගයක් ලෙස ශ්‍රි ලංකා සහ ජපාන කණ්ඩායම් අතර තරගය පැවැත්වුණේ නැමීබියාහිදී.
පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රි ලංකා කණ්ඩායම පන්දුවාර 50 ඇතුළත කඩුලු 4 ක් දැවී ලකුණු 387 ක් රැස්කළා.
ආරම්භක පිතිකරුවන් ලෙස පිටියට පිවිසි විරාන් චමුදිත සහ දිමන්ත මහවිතාන පළමු කඩුල්ලට ගොඩනැගූ සබඳතාව ලකුණු 328 ක්. එය වාර්තාවන්නේ එක්දින ක්‍රිකට් පිටියේ ඕනෑම කඩුල්ලක් සඳහා යොවුන් ක්‍රීඩකයින් දෙදෙනෙකු මෙතෙක් ලබාගත් ඉහළම ලකුණු සංඛ්‍යාව ලෙසයි.
විශිෂ්ට ඉණිමක් ක්‍රීඩාකළ විරාන් චමුදිත පන්දු 143 කදී ලකුණු 192 ක් රැස් කළේ 4 පහර 26 ක් සහ හයේ පහරක් සමග.
ඔහු වයස අවුරුදු 19 න් පහළ එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ වැඩිම ලකුණු රැස්කළ ක්‍රීඩකයාගේ වාර්තාවද තමන් සතු කරගත්තා.
මීට පෙර එම වාර්තාවට හිමිකම් කියුවේ කෙන්යාවට එරෙහිව ලකුණු 191 ක් රැස් කර තිබූ හසිත බෝයගොඩයි. මෙම තරගයේදී දිමන්ත මහවිතාන ලකුණු 115 ක් රැස් කළා.
පිළිතුරු ලෙස ජපාන යොවුන් ක්‍රිඩකයින්ට පන්දුවාර 50 ඇතුළත කඩුලු 8 ක් දැවි රැස් කිරීමට හැකි වූ ලකුණු සංඛ්‍යාව 184ක්.
හූගෝ කේලි නොදැවී ලකුණු 101යි. තරගවාලිය යටතේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවැනි තරගය හෙට අයර්ලන්තය සමග පැවැත්වීමට නියමිතයි.
