විවෘත කල නුවරඑලිය තැපැල් කාර්යාලය නැරඹීමට විදේශිකයන් විශෘල පිරිසක් එක් වෙයි.

වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් හේතුවෙන් දින ගණනාවක් වසා තිබූ නුවරඑලිය ප්‍රධාන තැපැල් කාර්යාලය (25) දින විවෘත කිරිමෙන් අනතුරුව තැපැල් කාර්යාලය නැරඹීමට විදේශීය සංචාරකයන් විශාල පිරිසක් එම තැපැල් කාර්යාලය වෙත පැමිණ සිටින අයුරු අප කැමරාවේ සටහන් විය.

එසේ තැපැල් කාර්යාලය නැරඹීමට පැමිණි විදේශිකයන් සිහිවටනයක් සේ එම තැපැල් කාර්යාලයෙන් තැපැල් මුද්දර සහ පෝස්ට් කාඩ් මිලදී ගැනීමටත්, තවත් විදේශිකයන් පිරිසක් නුවරඑලිය සිට ඔවුන්ගේ සහ ඔවුන්ගේ ඥාතීන්ගේ නමට ලිපි තැපැල් කරන අයුරුද අප කැමරාවේ සටහන් විය.