විශේෂඥ කමිටුවට කැබිනට් අනුමැතිය

බලශක්ති ආර්ථිකය සංවර්ධනය කිරීම පිණිස ආචාර්ය හාන්ස් විජේසූරිය මහතාගේ සභාපතිත්වයෙන් යුතුව විශේෂඥ කමිටුවක් පත් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා. ඒ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරිපත් කළ යෝජනාවකට අනුවයි.