වීසා නැති විදේශිකයින් 08ක් කොටු

වීසා නොමැතිව මෙරට රැඳී සිටි විදේශිකයන් 08 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසනවා.

ඊයේ (02) පස්වරුවේදී නුවරඑළිය පොලිස් වසමේ, හාවාඑළිය ප්‍රදේශයේදී එම සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔවුන් අවුරුදු 28ත් 65ත් අතර වයස්වල පසු වන ඉන්දුනීසියානු ජාතිකයින් බවත් පොලීසිය පවසා සිටියා.

සිද්ධිය සම්බන්ධයෙන් නුවරඑළිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *