වී ගොවීන් වෙත සාධාරණ මිලක් ලබාදීමේ අරමුණින් 2025 යලකන්නයේ වී අස්වනු මිලදී ගැනීම සඳහා සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන් සහ සමූපකාර සමිති වෙත සහනදායී පොළී අනුපාතයක් යටතේ ඔඩපණ ණය යෝජනාක්‍රමයක් ක්‍රියාත්මක කිරීමට නියමිතයි.
ඒ අනුව, මෙම ණය යෝජනා ක්රමයේ ඉලක්කගත කණ්ඩායම් වනුයේ උපරිම දෛනික වී කෙටීමේ ධාරිතාවය මෙ.ටො.25කට යටත්වන සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල්හිමියන් සහ සමූපකාර සමිති ය.
අදාළ රාජ් යආයතනයකින් ලබාගත් වලංගු ව්‍යාපාර ලියාපදිංචි සහතිකයක් හා වී අලෙවි මණ්ඩලය විසින් නිකුත් කරන ලද බලපත්‍රයක් සියලු ණය ඉල්ලුම්කරුවන් සතුව පැවතිය යුතුය.
මෙම ණය යෝජනා ක්‍රමය යටතේ, ඔවුන්ට 7%ක වාර්ෂික පොළී අනුපාතයකටරු.මි.50ක්දක්වා ණය මුදලක් ලබාගත හැකි අතරඅදාළ ණය මුදල දින 180ක් තුළ ගෙවා අවසන් කල යුතුය. මෙම ණය යෝජනාක්රමයේ සහභාගීත්ව මූල්‍ය ආයතන ලෙස පහත සඳහන් බැංකු තෝරාගෙන ඇත.