වෙද­ඟිල්ලේ පල­ඳ­වන මංගල මුදුව

මංගල පෝරුවේ චාරි­ත්‍ර­යක් වන මංගල මුදුව පල­ඳ­වනු ලබන්නේ පෝරුවේ සිටය. එහෙත් සම­හර මංගල උත්ස­ව­ව­ලදී විවා­හය ලියා­ප­දිංචි කර අව­සා­න­වෙත්ම යෙදී ඇති නැකැත් චාරි­ත්‍රා­නු­කූ­ලව විවාහ රෙජි­ස්ට්‍රා­ර්ව­රයා හෝ රෙජි­ස්ට්‍රා­ර්ව­රිය ඉදි­රි­පි­ටදී මුදු මාරු­කර ගැනීම සිදුවේ. එමෙන්ම විවා­හය දේව­ස්ථා­න­ය­කදී සිදු­ක­රන්නේ නම් එයට සහ­භාගි වන පිය­තුමා හෝ පූජ­ක­තුමා ඉදි­රි­යේදී මුදු මාරු­කර ගනිති. පෝරුවේ සිට මුදු මාරු­ක­ර­ගන්නා අව­ස්ථා­වේදී සිය­ලුම නැකැත් චාරි­ත්‍ර­ව­ලට අනු­කූ­ලව එය ඉටු­ක­රති. මනා­ලයා හා මනා­ලිය මවු­පි­යන්ට බුලත් අත දී වැඳ නම­ස්කාර කොට නැකැත් අනුව සුබ හෝරා­වෙන් පොරු­වට නංවති.

පෝරු­වේදී පළ­මු­කොට මනාල මහතා විසින් මනා­ලි­යගේ වම් අතේ වෙද­ඟිල්ලේ රන් මුදු­වක් පල­ඳ­වති. මනා­ලිය ද මනා­ල­යාගේ දකුණු අතේ වෙද­ඟිල්ලේ රත්රන් මුදු­වක් පල­ඳ­වති. ඒ තුළින් නව යුව­ළගේ ආද­රය, කරු­ණාව හා සුහ­ද­තා­වය සංකේ­ත­වත් කෙරේ. මුදු මාරු කිරී­මෙන් අන­තු­රුව මනා­ලි­යගේ ගෙලෙහි රන් මාල­යක් පල­ඳ­වනු ලබන්නේ මනා­ලයා විසිනි. නව යුව­ළක් අතර රන් මුදු පැල­ඳ­වීමේ සිරිත එදා මෙන්ම අදත් පැවැ­තෙන චාරි­ත්‍ර­යකි.

රන් මුදු පැල­ඳ­වීමේ ඉති­හා­සය ඉතා දීර්ඝ බව ඒ පිළි­බ­ඳව ඇති තොර­තු­රු­ව­ලින් සනාථ වේ. මුලින්ම රෝමයේ රන්මුදු පැල­ඳ­වීමේ අයි­තිය හිමිව තිබුණේ එක්තරා කොට­ස­කට පමණි. පසුව එය හැම කෙනෙ­කු­ටම රන්මුදු පැල­ඳ­වීමේ ජන්ම දින සංව­ත්සර උත්ස­ව­ව­ලදී මුදු දීම සිරි­තක් වූ බැවිනි. පසු කල­කදී මතක මුදු දීමේ චාරි­ත්‍ර­යක් ද ඇති­විය. මහා­කවි ශේක්ෂ්පි­යර් තම හිත­මි­තු­රන් කීප­දෙ­නෙ­කුට මතක මුදු ලබා­දුන් බවත් පොත­පතේ සඳ­හන්ව ඇත. දහ­අ­ට­වන සිය­ව­සේදී මිය­ගිය තරු­ණි­යන් සිහි­කි­රීම සඳහා සුදු යක­ඩ­ව­ලින් මුදු සාදා පල­ඳවා ඇත.

ගුප්ත බල­වේ­ග­ව­ලින් හා යම් යම් ලෙඩ රෝග­ව­ලින් වැළ­කීම සඳ­හාත් ලෝහ වර්ග, සත්ව අන් වෘක්ෂ කොටස් ඇල්ලූ මුදු සාදා පලඳා ගැනීමේ සිරි­තක් ද එදා රෝමයේ පැවැති අතර පුරා­ත­ණයේ අපේ දේශීය වෛද්‍ය­ව­රුන් ද මුද්ද ප්‍රති­කාර කිරීම සඳහා යොදා­ගන්නා ලදි. එම මුද්ද හඳු­න්වනු ලැබුවේ බෙහෙත් මුද්ද යනු­වෙනි. මුද්ද යම් යම් ආකා­ර­යට සක­ස්කොට පැලඳ සිටී­මට පුරු­දුව සිටි රෝම­න්වරු එය ඉතා අලං­කා­ර­වත් අන්ද­මට සකසා පැලඳ ගනී. යුද­ව්වන්ගේ පැතලි රාමු­වක් හා උඩට තුන්හු­ලස්ව අලං­කා­ර­වත්ව තිබුණි.

මනා සබැ­ඳි­යා­වක් ඇති මනා බල­ගතු මුද්ද ගැන කොතෙ­කුත් තොර­තුරු ඇත. රාව­ණාගේ මාලි­ගයේ සිරවී සිටි සීතා­වන් සොයා ආ හනුමා තමා ඇය සොයා ආවේ රාමා­යන්ගේ ඉල්ලීම පිට යැයි සත්‍ය කියා­පෑ­මට රාමා­යන්ගේ මුද්ද පෙන්නු­වේය. තම ආද­ර­ණීය හිමිගේ මුද්ද දැකී­මෙන් මහත් සොම්න­සට පත්වූ සීතා මුද්ද ගෙන තම ඉණෙහි තබා­ගෙන පසුව මුද්ද සිප­ගෙන ළයට තුරුලු කර­ග­ත්තාය. සීතාගේ සියලු තතු දැන­ගත් හනු­මාන් රාමා වෙත ගොස් සීතා­ගෙන් ලබා ගත් මුදුව දී තමා ඇසූ දුටු දේ ඔහුට කියා සිටි­යේය. මංගල මුද්ද ගැන සඳ­හන් කිරී­මේදී ඊජි­ප්ති­ය­න්වරු අම­තක නොකළ යුතුව ඇත. ඒ මංගල මුද්ද පළ­මු­වෙන්ම යොදා­ගෙන ඇත්තේ ඔවුන් බැවිනි. රෝම­න්වරු ද මංගල මුද්ද විශේ­ෂ­ත්ව­යෙ­හිලා සැල­කූහ. මංගල මුද්ද නිෂ්පා­ද­නය කිරී­මට රන් මෙන්ම රිදී, යකඩ, වානේ, පිත්තල මෙන්ම පන් වර්ග ද, සත්ව හම්, ලී ආදී නොයෙ­කුත් දේවල් යොදා­ගෙන තිබුණි.

මංගල මුද්දේ අකුරු, මල්, රූප මෙන්ම අලං­කාර මල්, චිත්‍ර කෙටීම ආරම්භ වී ඇත්තේ ෂේක්ෂ්පි­යර්ගේ කාල­යේ­දීය. සම­හර මුදු­වල ඉතා කුඩා අකු­රින් පැහැ­දි­ලිව කවි පවා කොටන ලදි. මංගල මුදුවේ ආග­මික අද­හස් කෙට­වීම සිදුව ඇත්තේ යුදෙ­ව්වන් අත­රය. ද්‍රවිඩ විවාහ සිරිත් අතර ද තල­ප්පාව බැඳී­මක් ඇතිවේ. එසේ තල­ප්පාව බැඳී­මෙන් පසු මනා­ල­යාගේ පියා මනා­ල­යාට මුදු­වක් පල­ඳවා සිප ගනී. මෙසේ මුදුව මනා­ල­යාට පල­ඳ­වනු ලබන්නේ විවා­හ­යට පෙර දින­ක­දීය. මංගල දින­යේදී මනා­ලි­යගේ හිස රත්පැහැ කෘතිම මල්ව­ලින් අලං­කාර හිස් පල­ඳ­නා­ව­ලින් ද සර­සන ලදි. එමෙන්ම ඇඟි­ලි­වල වටිනා මුදු රාශි­යක්ම පල­ඳ­වති.

විවා­හ­ය­කදී මුදු මාරු­කි­රීම තුළින් සිදු­වන්නේ කාන්තා­වගේ ආර­ක්ෂාව තහ­වුරු කිරී­මක් ලෙසට ද විශ්වාස කළහ. ඒ ඇය විවා­හක කාන්තා­වක් බව හැඟ­වී­ම­ටයි. අන් පිරි­මි­න්ගෙන් ඇයට කර­දර හිරි­හැර සිදු­වීම වළක්වා ගැනී­මට එය පෙන්නුම් කරන බැවිනි. මුදු පැල­ඳ­වීම අතේ ඇඟි­ලි­ව­ලට පම­ණක් සීමා නොවී අතේ, පාදයේ මෙන්ම නහයේ ද පැල­ඳීම සිරි­තක් බවට පත්ව ඇත. මිනිසා මෙසේ මුදු පැල­ඳී­මට පටන් ගත්තේ බොහෝ කලක සිටය. ඉපැ­රණි ශිෂ්ටා­චා­ර­යන්හි මිනි­සුන් පවා නොයෙක් අයු­රින් සකස් කර­ගත් මුදු පැල­ඳූහ. ජන­ප්‍ර­වා­දයේ තොර­තු­රු­ව­ලින් ද මෙය තහ­වුරු වේ. මුදු පැල­ඳ­වීම කෙනෙ­කුගේ නිලය, තත්ත්වය හෝ ගරු­ත්වය පෙන්නුම් කරන ලකු­ණක් ද විය. පර්සි­යානු රජ­මා­ලි­ගයේ රාජ්‍ය පණි­වි­ඩ­ක­රුවෝ රජුගේ පණි­වි­ඩ­යක් බව ඔප්පු කිරී­මට රජුගේ මුද්ද ද රැගෙන ගොස් ඇත. පසුව මෙසේ රාජ­කීය මුද්ද ගෙන යාමේදී එය නැති­වේ­දෝයි යන බියක් පැව­තීම නිසා මුද්ද වෙනු­වට මුද්දේ සට­හන තැබූ වියළා සකස් කරන ලද මැටි අනු­රු­වක් රැගෙන ගොස් ඇත.

පාර­ම්ප­රික දේශීය වෛද්‍ය­ව­රුන් විසින් රෝගීන්ගේ නාඩි පරීක්ෂා කිරී­මේදී ප්‍රධාන වශ­යෙන් පාවිච්චි කරනු ලබන්නේ වෙද­ඟි­ල්ලයි. වෙද­ඟිල්ල අනෙ­කුත් ඇඟි­ලි­ව­ලට වඩා විශේ­ෂ­ත්ව­යක් ගනිති. ඒ රන්මුදු පැල­ඳ­වීම සඳහා වෙද­ඟිල්ල තෝරා­ගෙන තිබී­මයි. වෙද­ඟිල්ල රණ­ඟිල්ල නමින් ද හඳු­න්වති. (රණා­ඟිල්ල) ජ්‍යොති­ෂය අනුව රණ­ඟිල්ල අයත් වන්නේ රවි මණ්ඩ­ල­ය­ටයි. ශිල්ප­ය­ටත් වාස්තු­ව­ටත් පෙන්නුම් කරන වෙද­ඟිල්ල දික්ව පිහි­ටියේ නම් භෝග සම්පත් හා විද්‍යා­වට ද දක්ෂ බව දක්වා ඇත. වෙද­ඟිල්ලේ රන්මු­දුව පල­ඳ­වනු ලබන්නේ එය විශේෂ වූ ඇඟි­ල්ලක් බැවිනි. ජ්‍යොති­ෂ­යට අනුව රවි මණ්ඩ­ලය හොඳින් වෙද­ඟිල්ලේ පිහිටා ඇත.

උපදෙස්- ජ්‍යොතිෂ් ප්‍රභා­ෂ්වර මොර­ටුවේ තිස්ස මහා­නාම