වෙසක් උත්සවය වෙනුවෙන්විශේෂ රථ වාහන සැලැස්මක්

වෙසක් උත්සවයට සමගාමීව, කොළඹ නගරයේ විශේෂ රථ වාහන සැලැස්මක් ක්රිමයාත්මක කිරීමට පොලිස් මූලස්ථානය පියවර ගෙන තිබෙනවා.

ඒ, වෙසක් කලාප පැවැත්වෙන ප්රනදේශ මූලික කරගෙනයි.

සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය සංවිධාන කරන බෞද්ධාලෝක වෙසක් කලාපය, හෙට සිට ලබන 14 දක්වා පැවැත්වෙනවා.

බොරැල්ල බේස්ලයින් පාර බන්ධනාගාර හන්දියෙන් ආරම්භ වී, බේස්ලයින් මාර්ගය ඔස්සේ බොරැල්ල හන්දිය, ඩී.එස්. හන්දිය, කනත්ත වටරවුම, බෞද්ධාලෝක මාවත ඔස්සේ බම්බලපිටිය හන්දිය දක්වා කොටස එම වෙසක් කලාපයට ඇතුළත්.

මීට අදාළව මාර්ගය වසා තැබීමක් සිදු නොකරන අතර රාත්රී 7.00 සිට එක් දිශාවකට පමණක් වාහන ගමනාගමනය සිදුකෙරෙනු ඇති.

කොළඹ , හුණුපිටිය ගංගාරාම විහාරස්ථානය හා අග්රාිමාත්යු කාර්යාලය එක්ව සංවිධාන කරන බුද්ධ රශ්මි වෙසක් කලාපය, හෙට සිට ලබන 16 දක්වා පැවැත්වෙනවා.

කොම්පඤ්ඤවීදිය පොලිස් වටරවුමේ සිට කුමාරන් රත්නම් පාර, කොම්පඤ්ඤ වීදිය හන්දිය, ජේම්ස් පීරිස් මාවත, පිත්තල හන්දිය, මල්පාර අග්‍රාමාත්‍ය කාර්යාලය දක්වා ද එම මාර්ගයට සම්බන්ධ වන ජිනරතන මාවත, නවම් මාවත හා පෙරහැර මාර්ගය නවම් මාවත හා පෙරහැර මාර්ගය ප්‍රදේශය දක්වා ද පැවැත්වෙනවා.

ඊට අදාළව රාත්‍රී 7.00 සිට එක් දිශාවකට වාහන ගමනාගමනය සහ තාවකාලිකව මාර්ග වසා තැබීම සිදුකෙරෙනවා.

සිරස වෙසක් කලාපය හෙට සිට ලබන 13 වැනිදා දක්වා පැවැත්වෙන අතර රාත්‍රී 7.00 සිට මාර්ග කිහිපයක් වසා තැබෙනු ඇති. රථ වාහන තදබදය අවම වීමෙන් පසුව සාමාන්‍ය ගමනාගමනයට මාර්ග විවෘත කෙරෙනවා.

ගාලුමුවදොර ආශ්‍රිත ප්‍ර‍දේශයේ වෙසක් සිරි නැරඹීමට, විශාල මහජනතාවක් පැමිණෙතැයි අපේක්‍සා කෙරෙන හෙයින්, එම ප්‍රදේශයේද විශේෂ රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

ඒ අනුව හෙට සිට ලබන 13 වැනිදා දක්වා කොළඹ කොටුව, ගාලුමුවදොර ප්‍රදේශය, වරාය නගරය සහ කොල්ලුපිටිය හන්දිය දක්වා රාත්‍රී 7.00 සිට රථ වාහන ගමනාගමනය මාර්ගයේ එක් දිශාවකට පමණක් සිදුකිරීමට නියමිතයි.

වෙසක් කලාප පැවැත්වෙන මර්ගවල පදිංචිකරුවන්ට සහ රෝහල් හා අත්‍යවශ්‍ය සේවා සපයනු ලබන ආයතන වෙත ගමන් කරන වාහන සඳහා අවස්ථානුකූලව ඇතුළු වීමට ඉඩ ලබාදෙන බවයි පොලිසිය පවසන්නේ.

එම කාල සීමාව තුළ අදාළ ප්‍ර‍දේශවල කන්ටේනර් රථ, ගල් වැලි පටවන ලද ටිපර් සඳහා ඇතුළු වීමට අවසර ලබාදෙන්නේ නැහැ.

රථ වාහන තදබදය සාමාන්‍ය තත්වයට පත් වූ වහාම සියලුම මාර්ග සාමාන්‍ය ලෙස දෙදිසාවටම රථ වාහන ගමන් කරවීමට කටයුතු සලසනු ලබනවා.

බැතිමතුන්ගේ ආරක්‍ෂාව සහ පහසුව සඳහා මෙම ‍ආරක්‍ෂිත වැඩපිළිවෙළ ක්‍රියාත්මක කෙරෙන බවයි පොලිසිය නිවේදනය කරන්නේ.